දිනයන් : අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ඉහත දිනයන්හි උදෑසන 8 සිට 4 දක්වා ඕනෑම වෙලාවක පැය 5 ක කාලයක් ප්‍රශ්න පත්‍ර ලිවීමට සහභාගී විය හැක.
ප්‍රශ්න පත්‍ර ලියන වේලාව ආරම්භයට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථානය වෙත යන්න.
ප්‍රශ්න පත්‍ර ලිවීමට යාමේදී ඔබට අදාළ Student QR එක රැගෙන යාම අනිවාර්ය වේ.
සෑම විභාග මධ්‍යස්ථානයකම උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මක භාවයකින් යුතුව ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ.
ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය ලියන කොළ, ප්‍රශ්න පත්‍රය අමුණන නූල්, ලගු පොත් සහ කටු වැඩ කොළ ආදී සියළුම දෑ අප විසින් ලබා දෙනු ලැබේ.
ප්‍රශ්න පත්‍රයේ ඔබගේ student id එක අනිවාර්යෙන්ම ලිවිය යුතු අතර ප්‍රශ්න පත්‍ර ලිවීමෙන් පසු අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ඔබගේ ප්‍රශ්න පත්‍රය instructor වෙත භාරදිය යුතුවේ.
සියලුම විභාග මධ්‍යස්ථාන අපගේ විශේෂයෙන් පුහුණු කරන ලද instructors ලා මඟින් අධීක්ෂණය කෙරේ.
සෑම සිසුවෙක්ම instructors ලා විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කළ යුතු අතර ඊට අදාල නොවන ඕනෑම සිසුවෙකු විභාග ශාලාවෙන් ඉවත් කිරීමට instructors ලා විසින් කටයුතු කරනු ඇත.
ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන අනිකුත් සිසුන් හට බාධා නොවන ලෙස හැසිරීමට සෑම සිසුවෙක්ම වග බලාගත යුතුවෙයි.